ඉරිදා, 08 ඔක්තෝබර් 2023 09:03

ජනපතිගෙන් දේශීය ආදායම්- සුරාබදු හා රේගුවට ඉලක්ක Featured

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීම සඳහා 2024 වසරේ සිට එම ආයතනවලට සපුරාගත යුතු ඉලක්ක ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එම ආයතන ආදායම් උපයාගත යුතු ප්‍රමාණය ඇතුළු ඉලක්ක මේ අනුව ලබාදීමට නියමිතය.

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ඉහත ආයතන හරියාකාරව කටයුතු කර නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද රජයට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ ආයතන රාජ්‍ය ආදායම උත්පාදනයේදී දුර්වලතාවයක් පෙන්නුම් කරන බව රජයේ නිරීක්ෂණයට ද ලක්ව ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ අතරින් දුර්වලම ආයතනය බව ද නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝග අනුව අදාළ ආයතන 2024 වසරේ සිට රජය දෙන ඉලක්කවලට වැඩ කටයුතු කළ යුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

චමින්ද සිල්වා

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website