ඉරිදා, 08 ඔක්තෝබර් 2023 09:08

බැංකු ප්‍රතිව්‍යුහගතකරණය ගැන කෙලින් රටට කියන්න – ලංකා බැංකු සේවක සංගමය Featured

රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චිත ප්‍රකාශයක් රජය විසින් වහාම රටට ඉදිරිපත් කළ යුතු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

මෙම රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගත කිරීම ගැන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය සහ මහ බැංකු අධිපතිවරයා එකිනෙකට පරස්පර ප්‍රකාශයන් සිදුකරමින් සිටින බවත්, මේ ගැන රජය කරුණු පැහැදිලි කළ යුතු බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පවසයි.

විශේෂයෙන් රාජ්‍ය බැංකුවල අයිතිකරු වන මුදල් අමාත්‍යාංශය සහ එහි ලේකම්වරයා විසින් රටේ මහජනතාවට කඩිනම් පැහැදිලි කිරීමක් කළ යුතු බව ද රන්ජන් සේනානායක මහතා සඳහන් කරයි.

ඉතිහාසය පුරාම රාජ්‍ය බැංකුවල රාජ්‍ය අයිතිය මෙන්ම ඒවාට එල්ලවන විවිධ දේශපාලන අයථා බලපෑම් හා ව්‍යාපාරික මාෆියාවන් වෙතින් එම බැංකු මුදා ගැනීම සඳහා දිවි පරදුවට තබා කටයුතු කළ සංගමයක් ලෙස මේ මොහොතේ ඒ වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට පසුබට නොවන බව ද ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පවසයි.

එසේම මහජනතාවට අයත් මෙම ජාතික සම්පත් රැක ගැනීම සඳහා සබුද්ධිකව පෙරට ඒම සමස්ත පුරවැසියන් සතු වගකීමක් යැයි ද ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website