බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 15:58

විදුලි ගාස්තු නැංවීමෙන් ප්ලේන්ටියේ සිට මිල ඉහලට… Featured

විදුලි බිල ඉහළ දැමීමත් සමග ඊට සමගාමීව බේකරි නිෂ්පාදන මිල ද ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන් රැසක් කියා සිටිති.

මේ වන විට බොහෝ බේකරි නිෂ්පාදන සඳහා විදුලිය භාවිත කරන නිසා විදුලි ගාස්තු නැංවීමත් සමග අලාභ නොවන ආකාරයට ආහාර නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

මේ අතර ආපන ශාලා හිමියන් ද සඳහන් කරන්නේ ආහාර නිෂ්පාදනය සඳහා විදුලි බලය යොදා ගන්නා අවස්ථා බහුල බැවින් එම පිරිවැය ද පාරිභෝගිකයන්ගෙන් අය කර ගත යුතුව ඇති බවයි.

බත් පාර්සල්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10%කින් වැඩිකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website