සදුදා, 09 ඔක්තෝබර් 2023 09:37

මාස 9 ට රිය අනතුරු 1638 කින් – 1733 කට දිවි අහිමි වෙයි Featured

මෙම වසරේ (2023) ගතවූ මාස 9 යි දින 8 ක් තුළ දිවයිනේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 1733 දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එම කාලය තුළ සිදුවී ඇති මුළු රිය අනතුරු සංඛ්‍යාව 1638 ක් බව ද එම මූලස්ථානය කියයි.

මෙම අනතුරුවලින් වැඩිපුරම මියගොස් ඇත්තේ පදකයන් බවත්, එම සංඛ්‍යාව 540 ක් බවත් පවසන පොලිස් මූලස්ථානය මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත්, එබැවින් රථවාහන පැදවීමේදී මහමඟ ගමන් කරන පදිකයන් ගැන මීට වඩා සැලකිලිමත් වන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website