අඟහරුවාදා, 10 ඔක්තෝබර් 2023 08:31

ව්‍යාජ ලිපියකින් ගෙනා බාල බෙහෙතක් නිසා රුධිරගත රෝග බෝවීමේ අවදානමක් Featured

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

මෙරටට ගෙන්වා ඇති තත්ත්වයෙන් බාල ඖෂධයක් වන ‘immunoglobulin’ ප්‍රතිදේහ එන්නත් ලබාගත් පුද්ගලයන්ට ඒඩ්ස්, හෙපටයිටීස් හෝ වෙනත් රුධිරය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මෙම තත්ත්වය මත ‘immunoglobulin’ ප්‍රතිදේහ එන්නත් ලබාදී ඇති මෙරට පුද්ගලයන් බෝවන රෝග සඳහා සිදුකෙරෙන රුධිර පරීක්‍ෂාවට ලක්කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වහාම පියවර ගත යුතු බව ද එම සන්ධානය කියා සිටී.

මෙරට සෞඛ්‍ය පද්ධතියට වෛද්‍ය සැපයුම් ඒකකය මගින් ගෙන්වන ඇතැම් ඖෂධවල ගුණාත්මකභාවය පරීක්‍ෂාවට ලක් නොකිරීම නිසා එම ඖෂධ ලබාගන්නා පුද්ගලයන් තුළ ඒඩ්ස්, ටයිටීස් ඇතුළු බෝවන රෝග රැසක් ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බව ද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

රුධිරය ආශ්‍රිතව ලබාගන්නා සංඝටක නිස්සාරණය, නිෂ්පාදනය කරන ‘immunoglobulin’ නම් ප්‍රතිදේහ එන්නත මෙරට සෞඛ්‍ය පද්ධතියට ව්‍යාජ ලිපියක් හරහා ඇතුළත්ව ඇති බවත්, එය මෙරටට ගෙන්වූ ආකාරය පිළිබඳ පැහැදිලි නොවීමත්, ලිපි ලේඛනවල සඳහන් මව් සමාගම එවැනි ඖෂධයක් නිෂ්පාදනය නොකරන බවට සහතික කර තිබීමත් හේතුවෙන් මෙම ඖෂධය ව්‍යාජ මෙන්ම ප්‍රශ්න සහගත ඖෂධයක් බවට පත්ව තිබේ. එබැවින් මේ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ යුතුව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පවසයි.


සුජීව තත්සර

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website