අඟහරුවාදා, 10 ඔක්තෝබර් 2023 08:35

ඊශ්‍රායලයේ සිටින අය ගැන අහන්න Featured

මේවන විට ඊශ්‍රායාලයේ පවතන ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එරට සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකකයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිවරගෙන ඇත.

ඒ අනුව 94716640560 අංකය ඔස්සේ වට්සැප් මගින් හෝ 1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා අදාල තොරතුරු ලබාගැනීමට හැකියාව පවතී.

මේවන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකිකයින් අටදහසක් පමණ සේවය කරන අතර ඉන් සියයට අනූවක් දෙනාම සාත්තු සේවා සැපයීම් වල නිරත වේ.

මේ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ සම්බන්ධ වී එරට ශ්‍රී ලංකිකයෙන්ගේ තත්ත්වය පිළිබඳ විමසීම් කළ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හට මෙරට ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට දැනටමත් උපදෙස් ලබා දී තිබේ.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website