බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 16:00

ගෝටාභය කටුනායක භාණ්ඩ පර්යන්තයෙන් රටින් පිටවෙයි.. Featured

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය අද (16දා) චීනය බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.

ඔවුන් අලුයම 12.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 178 දරන ගුවන් යානයෙන් එසේ පිටත්ව ගොස් තිබේ.

එහෙත් ඔවුන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම සදහා ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය භාවිතා කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

හිටපු ජනාධිපතිවරයාට, සිය පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ( V.I.P. Lounge), මුදල් ගෙවා ලබා ගත හැකි සිල්ක් රූට් හෝ ගෝල්ඩ් රූට් පහසුකම් මධ්‍යයේ හෝ එසේ නැතිනම් සාමාන්‍ය ගුවන් මගී පර්යන්තය ඔස්සේ පිටත්ව යාමට පහසුකම් තිබියදීත්, කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය .

– ADA

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website