සෙනසුරාදා, 14 ඔක්තෝබර් 2023 07:53

ඔන්මැක්ස් ඩීටී අධ්‍යක්‍ෂවරුන් තවදුරටත් සැකකරුවන් නොවෙයි – අධිකරණය කියයි Featured

පිරමීඩ ආකාරයේ ව්‍යාපාරයක් සිදුකරන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය විසින් ඔන්මැක්ස් ඩීටී ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් වන දනංජය ජයාන් හා සම්පත් සඳරුවන් යන මහත්වරුන්ට නඟා ඇති චෝදනා

සනාථ කිරීමට මේ දක්වා ප්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත්වී නොමැති බවට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පෙරේදා (12 දා) තීරණය කළේය.

එම අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව නඩුවක් පවරා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බවත් අධිකරණය හමුවේ ස්වෙච්ඡාවෙන්ම පෙනී සිටි ඔවුන් ඒ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම විමර්ශනයකට සහය දීමට සූදානම් බවත් මෝසම් පත්‍රයක් මගින් එම නඩුව කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට පැවසීය.

එකී අධ්‍යක්‍ෂවරුන් අධිකරණය හමුවේ පෙනී සිටීම කෙරෙහි අවධානය යොමු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරි විමර්ශනවලට සහය ලබාදෙන ලෙසට අවවාද කරමින් කිසිදු ඇප කොන්දේසියකින් තොරව ඔවුන් මුදාහැරීමට නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website