සදුදා, 16 ඔක්තෝබර් 2023 08:35

රෝගීන්ගේ ජිවිත අනතුරේ ! - කූට ලේඛන සකස් කොට අති සංවේදී ඖෂධයක් රෝහල්වලට දාලා ! Featured

වත්මන් රජය, සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය රටට බාල බෙහෙත් සැපයීමේ ජාවාරමේ මුල් පුටු බවට පත්ව ඇති බව විපක්ෂ

නායක සජිත් ප්‍රේමදාස පවසයි.

හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (අයි.වී.අයි.ජී) යන අත්‍යාවශ්‍ය ඖෂධය හොර පාරෙන් කූට ලේඛන සකස් කොට සුපුරුදු ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර ලියාපදිංචි කිරීමෙන් බැහැර ක්‍රමවේදය හරහා ගෙන්වා ඇති බව පවසන විපක්ෂ නායකවරයා, රටේ ජනතාව මරණ මංචකයට යවන බාල බෙහෙත් ලබා දීමට කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සහ සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය මෙයට වගකිව යුතු බවත් අවධාරණය කර සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, බාල බෙහෙත් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

විශ්වාසභංග යෝජනාවේදී දින 3ක් පුනපුනාම සෞඛ්‍ය ඇමතිවරයා හා අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කර, ‘රටේ ජනතාවගේ බදු මුදල් විනාශ කරමින් මෙරටට බාල බෙහෙත් ගෙන්වීමේ ජාවාරම’ සම්බන්ධයෙන් වාදවිවාද සිදු කළත් 113 දෙනකු බාල බෙහෙත් මාෆියාව සහ බාල ඖෂධ ලබා දී රටේ ජනතාව මරණ මංචකයට ගෙන යාමට කැමැත්ත පළ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රමිතියෙන්, ප්‍රසම්පාදනයෙන් හා ලියාපදිංචියෙන් තොරව හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (අයි.වී.අයි.ජී) නම් ඖෂධය හොර පාරෙන් මෙරටට ගෙනවිත් මෙරට රෝගීන් ගණනාවකට ලබා දී ඇති බවත්, සෘජුවම ශිරාවටම ඇතුළු කරන ඖෂධයක් වන මෙය මූලික වශයෙන් ස්නායු රෝගත් ඊට අමතරව හන්දි හා හදවත් රෝගවලටත් භාවිත කරන බවට මීට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු තහවුරු කර ඇති බවත් මේ ඖෂධ නොමැති වුවහොත් සමහර රෝගීන්ගේ ජීවිත පවා අවදානයට ලක්වන බවත් පැවසු විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ Myasthenia Gravis නම් රෝගය උත්සන්න වූ විටද මෙම ඖෂධය ලබා දෙන බවයි.

මෙවැනි තත්ත්වයත් තුළ මෙම බාල බෙහෙත ලබා දුන් රෝගීන් ගණනාවකට අසාත්මිකතා ඇතිව තිබෙන බවත් මේ සම්බන්ධයෙන් රටේ ජනාධිපති හා සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දෙන පිළිතුර කුමක්ද කියා විමසා සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, තවදුරටත් කියා සිටියේ රජය ගජමිතුරු ධනවාදයට මුල් තැන දී දේශපාලන සූදු ක්‍රියාත්මක කර මැතිවරණ නතර කරන දේශපාලන ජාවාරම්වල නිතරව සිටිමින් රටේ ජනතාව මරණ මංචකයට ගෙන යන බවයි.

එසේ ම මේ ජාවාරම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවත්, ජනාධිපතිවරයාට මේ මොහොතේ ම දූෂිත සෞඛ්‍ය ඇමතිවරයා ඉවත් කිරීමට හැකි වුවත් ජනාධිපති එය සිදු නොකරන බවත් රජය ජනතාවගේ පිට බදු පිට බදු පටවා ඖෂධ ජාවාරම් හරහා විශාල මුදලක් රටට අහිමි කරන බවත් මෙවැනි පහත් වැඩවලින් ඉවත්ව මෙයට වගකිව යුතු සෞඛ්‍ය ඇමතිවරයාව ගෙදර යැවිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම සමගි ජන බලවේග රජයක් තුළ මෙම සාපරාධි ක්‍රියාවට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් යුක්තිය හා සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

මෙම කුප්‍රකට ඖෂධ සමාගම 2013 වර්ෂයේ සිටම සෞඛ්‍ය අමාත්‍යංශය සමග ගනුදෙනු කර ඇති බව පහත ලියකියවිලි වලින් තහවුරු වේ.

 768rgfg

dgryr757575 22

tryt76877khjgh 333

rr657tuyiuo 444

ghghgj656ngnvvb55555

fghfhytythf66666

gffgf46hhhf77777

 

''කුප්‍රකට ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුවේ මහ මොල කරුවන්ට රටින් පනින්න ඉඩ දෙන්න එපා'' - රවී කුමුදේශ්

මේ අතර පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුයේ, ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුවට අදාල වග කිවයුතු අය රටින් පිටවීම වැලක්වීම අත්‍යවශ්‍ය බවයි.

'' හියුමන් ඉමියුනෝග්ලොබියුලින් හොර ඖෂධය පිළිබද අපරාධ පරීක්ෂණයක් කරන්න කියලා පැමිණිලි කරලා දවස් 10ක් වෙනවා. තවම අදාල සමාගම කැඳවලා නෑ. හෙට අනිද්දාට කියාවි ඔහු රටින් පිට වෙලා කියලා.

අපි දන්නේ නෑ මේ හොරකම සමාගම තනියෙන්ම කල එකක්ද කියලා. ඒ නිසා ඔහු හොරෙකුටත් වඩා අපිට සම්පතක්. ඔහු දන්න තොරතුරු නිවැරදිව හෙලිදරව් කර ගතහොත්, ඖෂධ නියමන අධිකාරිය හරහා සිදුවෙන දුෂිත තත්වයන් ගණනාවක් හෙලිදරව් කර ගැනීමට හැකි වෙනවා. ඒ නිසා අදාල සමාගමේ හිමිකරුවන්ට රටින් පිටවීමට ඉඩ ලබා නොදීම රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක්.

මේ සමාගම 2021 සිට ඖෂධ සැපයීම් කරලා තියනවා. ඉතා ප්‍රසිද්දියේ ඖෂධ හදලා තියනවා. දැන් අධිකාරිය කියනවා ඖෂධ හදන්න අවසරන් ලබා දීලා නැතිළු. ඒ විදිහට අවසර නැති සමාගමකට ප්‍රසිද්ධියේ වසර ගණනාවක් ඖෂධ හදලා රජයටම දෙන්න පුළුවන් නම්, නියාමන අධිකාරියක ඇති වැඩේ මොකක්ද? තනතුරු නමට උඩින් නමක් නැතුව සුදුසුකම් තියන රබර් මූද්‍රාවක් සැක සහිත බව, ඖෂධ සංස්ථාවේ හෝ වෛද්‍ය සැපයීම් අංශයේ කාටවත්ම තේරුණේ නැද්ද?

සාමාන්‍යයෙන් අපේ රටේ රේගුව මාර්ගගතව තහවුරු කර ගන්නේ නැතුව ඖෂධ තොගයක් මුදා හරින්නේ නෑ. ලිපියක් ගැන විතරක්ම කියන අය මාර්ගගතව දෙන ඒ අවසරය ගැන කථා නොකරන්නේ ඇයි?'' රවී කුමුදේශ විමසා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

මෙම බරපතල විෂමාචාරය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔක්තෝම්බර් 03දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

hfhhfhyryryrbbvbv8888

රුපියල් බිලියනයකට ආසන්න වංචාවක් !

අප වෙත වාර්තා වී ඇති පරිදි සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි මිලදී ගැනීමේ අංශය විසින් පසුගිය වසරේ (2022) ඔක්තෝම්බර් 03දා අදාල එන්නත් 22,500ක් එකක මිල ඇමරිකානු ඩොලර් 130 මිල ගණන් යටතේ මිලදී ගැනීමට කටයුතු කර ඇත. ඒ රුපියල් බිලියනයකට ආසන්න මුදලකි.

මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලදී පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇත.

1- මෙම මිලදී ගැනීමට අදාලව තාක්ෂණික ඇඟයීම් කමිටුවක් පත්කර තිබේද ?
එසේ පත්කර තිබේනම්, මෙම ඇති සංවේදී එන්නත ඇඟයීමට ලක්කළ විශේෂඥයින් කව්ද ?
එම වාර්තාවේ නිර්දේශ මොනවද ?

2- අදාළ සමාගම මෙම එන්නත නිෂ්පාදනයට අදාල අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් ආනයනය කළ බව පවසයි. එම ආනයන කටයුතු වෙනුවෙන් අවසරය ලබාගත යුතු අතරම ශ්‍රී ලංකා රේගුව වෙත අදාල ලියකියවිලි ඉදිරිපත්කර තිබිය යුතුය. එහෙත් රේගුව පවසන්නේ එවැනි ලිපිලේඛන කිසිවක් නොමැති බවයි.

එසේම, එම අමුද්‍රව්‍ය යොදාගෙන මෙම සමාගම ලංකාව තුළ මෙම එන්නත නිෂ්පාදනය කලේ නම්, ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසර ලබාගෙන තිබිය යුතුය. වාර්තාවන පරිදි එවැනි සහතිකයක් (GMP) ලබාගෙන නොමැත.

මෙම සමාගම පවසන පරිදි ඖෂධය නිෂ්පාදනය කළේ ඉන්දීය සමාගම වෙනුවෙන් නම්, එම ඖෂධය නැවත ආනයනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය අවසරය හා රේගු ලියකියවිලි ඉදිරිපත් කර තිබිය යුතුය. වාර්තා වන්නේ එවැනි කිසිඳු ලියවිල්ලක් නොමැති බවයි.

3- අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා කලේ යයි කියන රුධිර ප්ලාස්මා ලබාගෙන ඇත්තේ කවර ආයතනයකින් ද ? ඊට අදාල සහතික මෙතෙක් ඉදිරිපත් කර නොමැත්තේ ඇයි ? (මෙරට රුධිර ප්ලාස්මා ලබාගත හැක්කේ ජාතික ලේ බැංකුවෙන් පමණකි)

4- රුධිර ප්ලාස්මා ඉන්දියාවෙන් ආනයනය කළේ නම් ඊට අදාල සහතික ඉදිරිපත් කර නැත්තේ ඇයි ?

මෙම බරපතල විෂමාචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ රජය වෙත දැඩි විරෝධයක් මතුවෙමින් තිබේ.

ඒ අතර ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ලාලිත හේවාගමගේ සිය ෆේස්බුක් පිටුවේ පහත සටහන පළකර තිබිණ.

hfhgh99999

 theleader.lk

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website