බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 21:54

ජ්‍යේෂ්ඨ උත්තමයන් නවක සිසුනට පහර දෙති.. 09ක් රෝහලේ.. Featured

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් සිදු කල පහර දිමක් හේතුවෙන් පළමු වසරේ සිසුන් 09 දෙනෙකු තුවාල ලබා ඊයේ (15) දා රාත්‍රියේ බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පැවැසීය.

03 වැනි වසරේ සහ 04 වැනි වසරේ කළමනාකාර පිඨයේ ඉගනුම ලබන සිසුන් පිරිසක් විසින් මෙම පහර දිම සිදුකර ඇති බවට අනාවරණය වන බව පොලිසිය කිියයි.

පහර කැමට ලක්ව ඇති සිසුන් පිරිස සබරගමුව විශ්වවිද්‍යාලයේ දයාසාන්ති නේවාසිගාරයේ රැදි සිට ඇති අතර ජේෂ්ඨ සිසුන් එම නේවාසිගාරයට ඇතුළු වි නවක සිසුන් කොණ්ඩය සහ රැවුල කපා නොමැති බව පවසා මෙලෙස පහර දි ඇති බවට වාර්තා වෙි.

පහර දුන් සිද්ධියට සමිබන්ද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සමනල වැව පොලිසිය පරික්ෂණ සිදු කරයි.

සිද්ධියෙන් රෝහල් ගත කර ඇති සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.

මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලය 2020-2021 කාණ්ඩයේ සියලුම පීඨවල සිසුන් හැර අනෙකුත් සියලුම සිසුන් සඳහා දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇත.

සෙසු සිසුන් ද අද පස්වරු 4.00 වන විට නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බව උපකුලපතිවරයා දැනුම් දී තිබේ.

– සමිපත් ප්‍රියනන්දන
– නාලක ජේ හෙටිටිආරචිචි

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website