සිකුරාදා, 20 ඔක්තෝබර් 2023 16:21

පොලිස්පති ලිපිය මගෙ අතේ Featured

වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට අදාළ ලිපිය තමා වෙත ලැබී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (19දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා (ජාජබ)

පොලිස්පතිවරයා විශ්‍රාම යෑමෙන් පසුව යළිත් ඔහුට වැඩ බැලීමට මාස 3 බැගින් රීලෝඩ් ක්‍රමයට පත්කළා. අවසන් පත්වීමත් පසුගිය 9 වැනිදා අවසන් වුණා. යළිත් ඔහුට වැඩබැලීමට ජනපති කළ යෝජනාව ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කළා. දැන් පොලිස්පති කවුද?

දිනේෂ් ගුණවර්ධන: ජනාධිපතිට තිබෙන විශේෂ බලය අනුව වැඩබැලීමට පත්කර තිබෙනවා. මේ මාසයේ අවසානය දක්වා දැනට සිටින පොලිස්පති වැඩබැලීම සිදුවෙනවා.

කථානායකවරයා: පත්කිරීම ජනපති අතේ තියෙනවා. ව්‍යවස්ථාදායක සභාව අනුමත කළත් නොකළත් පත්කිරීමේ බලය ජනපතිට තියෙනවා. ඒ ගැන කතාකර පලක් නැ. පත් කිරීමට අදාළ ලිපිය ලැබී තිබෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website