සෙනසුරාදා, 21 ඔක්තෝබර් 2023 11:29

සේවා දිගු නෑ.. CD යන්නම යයි.. අලුත් පොලිස්පති එයි.. Featured

පොලිස්පති ධුරය සඳහා දැනට සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු අතර තියුණු තරගයක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

ඒ වත්මන් වැඩ බලන පොලිස් පොලිස්පති සිඩී වික්‍රමරත්න මහතාට ලබාදී තිබෙන සති තුනක සේවා දිගු අවසන්වීමෙන් පසු නැවත සේවා දිගුවක් ලබා නොදීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙනි.

වික‍්‍රමරත්න මහතාගේ සේවය සති 3 කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

නමුත් ජනාධිපතිවරයා විසින් තම බලතල ප්‍රකාරව පොලිස්පතිවරයාට එම සේවා දිගුව ලබාදී තිබිණි.

මෙම තත්ත්වය මත ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායක සභාව අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වීම මත නව පොලිස්පතිවරයෙක් පත් කිරීමට තීරණය වී තිබේ.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website