අඟහරුවාදා, 24 ඔක්තෝබර් 2023 09:02

ඇමැති මාරුව ගැන පොහොට්ටුව කනස්සල්ලෙන් – ජනපතිගේ වැරදි තීරණයක් Featured

සාගර කියයි

ඊයේ (23දා) සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනය හේතුවෙන් පොදුජන පෙරමුණ කනස්සල්ලට පත්ව ඇතැයි එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ එම තීරණය ජනාධිපතිවරයා ගත් වැරදි තීරණයක් බවයි. එහිදී පො.පෙ. මහ ලේකම්වරයා මෙසේද පවසා තිබිණි.

“කෙහෙළිය ඇමැතිතුමාට විරුද්ධව බොරු චෝදනා නැගුවා. ඒ සියල්ල බොරු බව ඔප්පු වුණා. නමුත් ජනාධිපතිතුමා තීරණය කරන්න ඇති මෙවැනි තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් සිදුකරන එක හොඳයි කියලා. ඒ අනුව වෘත්තීයෙන් වෛද්‍යවරයකු වන රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය ඇමැති ලෙස පත්කර තියෙනවා.

කෙසේ වෙතත් අපේ යම්කිසි කනස්සල්ලක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාව දැනුවත් කළා. ජනාධිපතිතුමාට රජය ගෙනියන්න පාර්ලිමේන්තුවේදී ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තමා අති බහුතරයක් මේ ශක්තිය ලබාදෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනයි ඉන්නේ. නමුත් මෙතනිනුත් ඇමැති ධුරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා. රාජ්‍ය ඇමැති ධුරයකුත් අලුතින් ඒකට දීම ගැන අපි සතුටු නෑ. ඒක වැරදි දෙයක්. වැරදි දෙයට වැරදියි කියන්නත් අපි බය වෙන්නේ නෑ. ජනාධිපතිතුමා වුණත් වැරදි දේ කරනවා නම් වැරදියි. ඒක වැරදියි කියලා අපි ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමාට ඒක නොකර ඉන්න තිබුණා. ඒ ගැන අපි පක්ෂය විදියට දැඩි විරෝධය පළ කරනවා.
එරික් ගාමිණි ජිනප්‍රිය

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website