×

පණිවුඩය

The previous listing was the first listing in the category. There are no listings before the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

අඟහරුවාදා, 24 ඔක්තෝබර් 2023 09:09

මිල පාලනයක් පැනවීමෙන් ‘ඔරිජිනල්’ ඖෂධ රටට නොලැබෙන ලකුණු Featured

පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති

ඖෂධ කිහිපයක මිල පාලනයට යටත් කර තිබෙන නිසා එම ඖෂධවල ප්‍රමිතිගත ඖෂධ (Original) රටට නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ හල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ‘දිවයින’ට (22 දා) පැවැසීය.

රට තුළ අළෙවි කරන ඖෂධ වර්ග 1260 කින් ඖෂධ 60 කට පමණ මෙම පාලන මිල පනවා ඇති බවත්, එම පාලන මිල නිසා ස්නායු රෝග, වේදනා නාශක ඇතුළු ඖෂධ වර්ගවල ප්‍රමිතිගත ඖෂධ රටට ගෙන්වීමට ඒවායේ ආනයනකරුවන් කටයුතු නොකරන තත්ත්වයක් මතුව තිබෙන බවත් හෙතෙම කීවේය.

මේ වනවිට ක්‍රියාත්මක මිල පාලනය වෙනුවට මිල සූත්‍රයක් හඳුන්වාදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබෙන බවත් එම මිල සූත්‍රය මගින් ආනයනකරු, තොග සැපයුම්කරු, සිල්ලර වෙළෙන්දාට ඖෂධ සැපයිය යුත්තේ කුමන මිලකටද යන්න තීරණය වන බව ගන්කන්ද මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website