බදාදා, 25 ඔක්තෝබර් 2023 07:59

ආසියානු පැරා ක්‍රීඩා මලල ක්‍රීඩා තරගාවලිය – ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක් Featured

ආසියානු පැරා ක්‍රීඩා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් 2ක් දිනා ගැනීමට නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි ඊයේ (24 වැනිදා) සමත් වූහ.

ටී- 44 පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 11.63.කින් නිමකොට නුවන් ඉන්දික විසින් ද ටී- 46 පිරිමි මීටර් 1500 ඉසව්ව විනාඩි 4:05.15 කින් නිමකොට ප්‍රදීප් සෝමසිරි ද අදාළ රන් පදක්කම් දිනා ගත් හ.

රටවල් 44ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ආසියානු පැරා ක්‍රීඩා උළෙල චීනයේ හැංෂු හි දී ක්‍රියාත්මක පැවැත්වෙයි.

පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙවර පැරා ආසියානු ක්‍රීඩා සඳහා සහභාගී වේ. මලල ක්‍රීඩා, දුනු ශිල්පය, බැඩ්මින්ටන්, බල එසවීම, ඔරු පැදීම, පිහිනුම්, ටේබල් ටෙනිස් සහ රෝද පුටු ටෙනිස් ඇතුළත් වේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website