බදාදා, 25 ඔක්තෝබර් 2023 08:03

වීසා නොමැතිව ඊශ්‍රායලයේ සිටින අපේ අයට වීසා – තානාපති ‘දිවයින’ට කියයි Featured

ඊශ්‍රායලයට පැමිණ දැනට වීසා නොමැතිව සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදී රැකියා ලබා ගැනීමට සහාය දෙන මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට රජයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව කෘෂිකර්ම අංශයේ රැකියාවන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමට දැනටමත් එරට රජය කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා ‘දිවයින’ට කීය.

තම ගමන් බලපත්‍රය රැගෙන එරට තානාපති කාර්යාලයට පැමිණෙන ලෙස ඔහු නිවේදනයක් මගින් ශ්‍රී ලාංකිකයන්ගෙන් කළ ඉල්ලීම අනුව ඊයේ (24 දා) වනවිට විශාල පිරිසක් එහි පැමිණ තිබේ.

දැනට වීසා නොමැතිව ශ්‍රී ලාංකිකයන් 700 කට ආසන්න ප්‍රමාණයක් එරට සිටින බව හෙළි වී තිබේ. මේ අතර ඉන් ඇතමකු වසර 7, 8 ක් එරට වීසා නොමැතිව සිටිනවුන්ය. නව ක්‍රමවේදය අනුව ඔවුනට වීසා බලපත්‍රය සමග රැකියාවක් ද ලබා ගැනීමට ඉඩක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ගයාන් සමරසිංහ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website