බදාදා, 25 ඔක්තෝබර් 2023 08:14

ගුරු විදුහල්පති විරෝධයට කඳුළු ගෑස් Featured

6කට තුවාල

පාසල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහා නතර කිරීම, රටේ අධ්‍යාපනය සඳහා සියයට 6 ක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් 7 ක් සඳහා විසඳුම් ඉල්ලා ගුරු – විදුහල්පතිවරුන් ඊයේ (24දා) දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පිටකෝට්ටේ පාලම් තුන හන්දිය අසලදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනුණු අතර එහිදී 6 දෙනකු තුවාල ලබා තිබේ.

සාමකාමීව ගමන් කළ විරෝධතා පාගමනට පොලිසිය තිරිසනුන් මෙන් හැසිරෙමින් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට බැටන් පොලු ප්‍රහාර එල්ල කළ බවත්, මෙහිදී තමා ඇතුළු තවත් ගුරුවරුන් කීපදෙනකුට බැටන් පොලු ප්‍රහාර එල්ල වූ බවත්, 6 දෙනකු පමණ තුවාල ලැබූ බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

d6hfhfhhd 2222222

පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ මෙම විරෝධතා පාගමනට ඒ ආසන්නයේදීම මෙම කඳුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල වී තිබිණි. මෙම උණුසුම් තත්ත්වය නිසා මාර්ග අංක 174 කොට්ටාව – බොරැල්ල බස් මාර්ගයේ වාහන ගමනාගමනයට ද පැය දෙකක් පමණ දැඩි බාධා එල්ල විය.

විරෝධතාවට එක්වූ ගුරු -විදුහල්පතිවරුන්ගෙන් පිරිසක් මාර්ග බාධක කඩාගෙන ඉදිරියට යෑමට සූදානම් වීමත් සමග පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ද මහින්ද ජයසිංහ මහතා ‘දිවයින’ට කීය.

මෙය ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කර තිබිණි.

ft57687g

vht769hgghthgh 3333333333333

fhtutufhryv44444444444

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

 

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website