බ්‍රහස්පතින්දා, 26 ඔක්තෝබර් 2023 08:26

ගුරුවරු අද මානව හිමිකම් යනවා හෙට පාසල් ළඟ උද්ඝෝෂණ – ස්ටාලිං කියයි Featured

විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට පොලිසිය එල්ල කළ අමානුෂික පහරදීමට එරෙහිව අද (26 දා) මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට ගොස් පැමිණිල්ලක් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට පැවසීය.

එසේම හෙට (27 වැනිදා) මෙම පොලිස් පහරදීමට එරෙහිව දිවයිනේ සෑම පාසලක් ඉදිරිපිටම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් එක්ව පස්වරු 1.30 සිට උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක කරන බව ද හෙතෙම කීය.

පොලිස් පහරදීමෙන් ගුරුවරුන් 6 දෙනකු තුවාල ලැබූ බව ද හෙතෙම කියා සිටියේය. තවදුරටත් කතා කළ ජෝෂප් ස්ටාලින් මහතා මෙසේ ද කීය.

“අපි බොහොම සාමකාමීව විරෝධතා පා ගමනක යද්දී තමයි පොලිසිය බැටන් පොලුවලින් ගැහුවේ. ගුරුවරුන්, විදුහල්පතිවරුන් බොහොම මානුෂීයව තමන්ගේ විරෝධය පානකොට එතැනට පොලිසිය කඩාපැනලා පහර දුන්නා. පොලිසිය අයුතු බලයක් ආරෝපණය කරලා පහර දුන්නා. මේ ආණ්ඩුව ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳන්නෙ නැතිව උත්තර දෙන්නෙ මෙහෙම නම් ඉදිරියේදී මීට වඩා වෘත්තීය ක්‍රියාමාර්ගවලට යනවා. ආණ්ඩුව එක පැත්තකින් විරෝධතාවලට පහරදීලා ඒවා මර්දනය කරන්න හදනවා. අනිත් පැත්තෙන් මර්දන නීති ගෙනැල්ලා විරෝධතා, උද්ඝෝෂණ නතර කරන්න හදනවා.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website