සිකුරාදා, 27 ඔක්තෝබර් 2023 09:10

36% වැටුප් වැඩිකිරීමක් හා 20,000ක දීමනාවක් ඔ්නෑ.. නැතොත් වර්ජනයක්..- වරාය සේවකයන් දන්වති… Featured

වරාය සියලු සේවකයන්ගේ වැටුප සියයට 36 කින් ඉහළ දමන ලෙස වරාය වෘත්තිය සමග විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉල්ලා තිබේ.

වරාය සභාපති වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ වසර තුනකට වරක් වරයා සේවකයන්ගේ වැටුප් වැඩි කළ යුතු බවයි.

ඒ අනුව එළැඹෙන වසරේ දී එම වැටුප් වැඩිවීම සිදු කළ යුතුව ඇතැයිද වෘත්තිය සමිති පෙන්වාදෙයි.

මෙම වැටුප් වැඩි කිරීමට අමතරව සියලුම සේවකයන්ට රුපියල් 20,000 ක දීමනාවක් ගෙවන ලෙස ද වෘත්තිය සමිති ඉල්ලා ඇත.

භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම වරාය සේවකයන්ට බොහෝ සේ බලපා ඇති නිසා වැටුප් වැඩි වීමක් අවශ්‍ය බවත් එසේ නොකළහොත් වුර්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් වෘත්තිය සමිති ලිඛිතව දැනුම් දී තිබේ.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website