ඉරිදා, 29 ඔක්තෝබර් 2023 10:02

බදු හොරු මට්ටු කරන්න ගැජට් එකක් Featured

බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මෙම තොරතුරු පද්ධතිය රැම්ස් ( random access management information system ) ලෙස නම් කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ මෙම පද්ධතිය ක්‍රියාත්මක වෙයි. බැංකු, රේගුව, සුරාබදු ආදී මුදල් ගනුදෙනු සිදු වෙන ආයතන ගණනාවක් මෙම රැම්ස් පද්ධතිය මගින් නිරීක්ෂණයට ලක් වෙයි. මෙම නව පද්ධතිය මගින් නිලධාරීන්ට ආදායම් බදු එකතු කර ගැනීමට පහසු වන අතර ආදායම් බදු නොගෙවා පැහැර හරින අය අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබෙයි.

ආදායම් ලිපි ගොනු විවෘත කර නැති පිරිස සොයා ගැනීම මෙන්ම නිලධාරීන් ආදායම් බදු එකතු කිරීම පැහැර හැර තිබේ නම් ඔවුන් පිළිබඳව ද මෙම නව ක්‍රමවේදය යටතේ හෙළිදරව් කර ගැනීමට අවස්ථාව සැලසෙයි. මීට වසර ගණනාවකට පෙර මෙම තොරතුරු පද්ධතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමෙන් පසුව සාගල රත්නායක මහතාට උපදෙස් දී ඇත්තේ මෙම රැම්ස් පද්ධතිය ක්‍රියාත්මක කොට පවත්වාගෙන යන ලෙසයි. ඒ අනුව මුදල් අමාත්‍යාංශය සමග ද සාකච්ඡා කර මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන අතර දත්ත එකතු කිරීමේ ජාලයක් ද මේ යටතේ නිර්මාණය වෙයි.

චමින්ද සිල්වා

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website