සදුදා, 30 ඔක්තෝබර් 2023 07:32

ඖෂධ රසායනික ද්‍රව්‍ය හිඟයෙන් රෝහල් රැසක සැත්කම් සීමා කරයි Featured

ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බවත් මේ නිසා ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට ආපසු හැරී හිස් අතින්ම යෑමට සිදුව ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී. මැදිවත්ත මහතා ‘දිවයින’ ට ඊයේ (29 වැනිදා) පැවැසීය.

මෙම ගැටලු ගැන සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇතත් මෙතෙක් ඒ සඳහා විසඳුම් ලබාදී නැතැයිද හෙතෙම කීය. තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කීය.

“මේ ගැටලුව සති දෙකක ඉඳන් තියෙන්නේ. මේ තත්ත්වය තුළ ශල්‍යකර්ම සීමාවෙමින් තිබෙනවා. විශේෂයෙන් මේ තත්ත්වය පිළිකා රෝගීන්ටත් බලපාලා තියෙනවා. මේ ගැටලුව ඉක්මනින් විසඳුවේ නැත්නම් රෝගීන්ගේ ජීවිතත් අවදානමේ.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website