සදුදා, 30 ඔක්තෝබර් 2023 07:34

වැටුප් වැඩිවීමක් ඉල්ලා වෘත්තීය සමිති උද්ඝෝෂණයක් Featured

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා හෙට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර ඇත.

එම වෘත්තීය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ හෙට දහවල් 12ට එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිත බවය.

සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පවත්වන බව චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website