සිකුරාදා, 03 නොවැම්බර් 2023 11:37

පර්සි ලක් මවගෙන් සමුගනී Featured

වසර 70කට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දිරිගන්වන්නා ලෙස අමිල සේවයක් කළ පර්සි අබේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (02දා) සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරද්දී මෙන්ම පරාජයේදී ද ශ්‍රී ලංකා ධජය අතැතිව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්‍ෂකයන් ද ධෛර්යමත් කළ මෙම දිරිය මිනිසා ලොව ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පවා ඇගැයීමට ලක්විය.

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් තම ජීවිත කාලයම කැප කළ පර්සි අබේසේකර මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ බොරැල්ල කනත්තට ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙන්ම ප්‍රේක්‍ෂකයෝ ද පැමිණ සිටියහ. ඊයේ සැඳෑ සමයේදී ක්‍රිකට් පිටියෙන් මෙන්ම තම ජීවිත ගමනද නිමා කරමින් දැයට සමුදුන් පර්සි අබේසේකර මහතාගේ අවසන් කටයුතු සඳහා දේහය ආදාහනාගාර වෙත ගෙන ගිය අයුරු ඡායාරූපයේ දැක්වේ.

gh8797oyjg

DN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website