සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 11:08

ශල්‍යකර්මයකට දොස්තර ගාස්තුව කෝටියක් අතට ඉල්ලයි.. Featured

මෙරට ස්නායු සම්බන්ධ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු රෝගියෙකුට සැත්කමක් සිදු කිරීම සඳහා වෛද්‍ය ගාස්තු ලෙස රුපියල් කෝටියක් ඉල්ලා ඇතැයි දෙවන පරපුර සංවිධානය පවසයි.

එහි ප්‍රචාරක ලේකම් චේනක අභයසිංහ මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ එම මුදල ඉල්ලා ඇත්තේ රෝහලේ ගාස්තු සහ වෙනත් ගාස්තු වලින් තොරව බවයි.

එම මුදල සෘජුව මුදලින්ම ඉල්ලා ඇති බවත් ඒ ගණනය වීම් වැලැක්වීමටත්, බදු ගෙවීම පැහැර හැරීමට බවත් ඔහු සඳහන් කළේය.

අද වන විට රජය විසින් සෞඛ්‍ය පද්ධතිය සීඝ්‍රයෙන් බිඳවැට්ටවීම හරහා පෞද්ගලික රෝහල් මාෆියාවට ජනතාව සූරා කෑමේ අවස්ථාව උදා කර දී ඇති බවද හෙතෙම පැවසීය.

පෞද්ගලික රෝහලකට යන ඕනෑම අයෙකුට අනවශ්‍ය ලෙස විවිධ පරීක්ෂණ හා අදාල නැති ඖෂධ වර්ග පවා මිලට ගැනීමට නියමිත නිර්දේශ කරන බවත් ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website