සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 11:20

තද වැස්සෙන් නිවාස රැසක් ජලයෙන් යටවෙයි… වාහන ගමනා ගමනයට බාධා… Featured

හැටන් දික්ඔය ප්‍රදේශයට (03) දින දහවල් පැය දෙකකට ආසන්න කාලයක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් වතු නිවාස 15 ක් ජලයෙන් යට වු බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය පොඩයිස් වතුයායේ දික්ඔය ඇළ ආසන්නයේ පිහිටි වතු නිවාස 15 ක් මෙසේ ජලයෙන් යට වි ඇත්තේ.

දික්ඔය ඇළ පිටාර ගැලිම හේතුවෙන් වතු නිවාස සහ එම වතු නිවාස මධ්‍යයේ පිහිටි හැටන් පොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයද ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.

දික්ඔය පිටාර ගැලිම නිසා වැසි ජලය වතු නිවාස වලට කාන්දු විම නිසා වතු කම්කරුවන්ගේ පෞද්ගලික භාණ්ඩ ජලයෙන් යට වි තිබුණි.

දික්ඔය ඇළ පිටාර ගැලිම නිසා පිඩාවට පත් වතු කම්කරුවන්ව ඉන් මුදා ගැනිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය මගින් ඇළ පුළුල් කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කලද එම වතුයායට අයත් වතු සමාගමේ පාලන අධිකාරියේ විරෝධතාවයක් හේතුවෙන් දික්ඔය ඇළ පුළුල් කිරිමේ කටයුතු මේ වන විට නතර කර ඇත.

පිඩාවට පත් එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ වසර ගණනාවක් තිස්සේ වැසි කාලයේදි තමන් මෙසේ පිඩාවට පත් වන බවත්, දික්ඔය ඇළ පුළුල් කර තමන්ව පිඩාවෙන් මුදා ගන්නා ලෙසයි.

– රංජිත් රාජපක්ෂ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website