සදුදා, 06 නොවැම්බර් 2023 10:59

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ඥාතීන්ට භාරදෙයි Featured

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේශය පෙරේදා (04දා) පෙරවරුවේ දි ඔහුගේ ඥාතීන් වෙත භාරදීම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබීය.

දෙවැනි වරටද මිහිදන් කිරීම සඳහා මොහුගේ දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ සිට ඔහුගේ ඥාතීන් විසින් රැගෙන යනු ලැබීය.

මාස 05ක අධික කාලයක් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේශය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට තිබුණි. මෙකී කෝටිපති ව්‍යාපාරිකයාගේ මෘත දේශය මැයි මස 25 වැනිදින පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යනු ලැබීය.

ගැමුණු චන්ද්‍රලාල්

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website