සදුදා, 06 නොවැම්බර් 2023 11:01

විනිසුරුවරුන්ගේ වැටුපෙන් බදු අඩු කිරීමට කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි Featured

රජය විසින් පැනවූ නව බදු ප්‍රතිපත්තිය අනුව සිය වැටුපෙන් බදු අඩුකිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය,

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හා කම්කරු අධිකරණ සභාපතිවරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් අභියාචනාධිකරණයේ බහුතර තීන්දුවකින් ප්‍රතික්‍ෂේප කළේය.

එම පෙත්සම් විභාග කළ පංචපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ඩී. එම්. සමරකෝන් යන මහතවරුන් පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් එනම් බදු සහන ලබාදිය යුතු බවට තීන්දු කොට තිබිණි. කෙසේ නමුත් සෙසු සාමාජික විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා මේනකා ජයසුන්දර හා නීල් ඉද්දවෙල යන විනිසුරු මඬුල්ල එම පෙත්සම් ප්‍රතික්‍ෂේප කිරීමට තීන්දු කොට තිබිණි බදු පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම ව්‍යවස්ථාදායකය සහ විධායකය සතු වගකීමක් බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය තීන්දු ගැනීම සදාචාරාත්මක නොවන වැරදි ආදර්ශයක් දෙන ක්‍රියාවක් වන්නේ යැයි ද එම විනිසුරුවරුන් තිදෙනා පෙන්වාදී තිබිණි. ව්‍යවස්ථාදායකය සහ විධායකය ගත යුතු එවැනි තීන්දුවලට අධිකරණය මැදිහත්වීම අධිකරණයේ ගෞරවයට හානියක් විය හැකි බව ද එම විනිසුරුවරුන් සිය තීන්දු මගින් පෙන්වා දී තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website