සිකුරාදා, 10 නොවැම්බර් 2023 10:19

සබරගමු වෛද්‍ය සිසුන්ගේ විරෝධතාවට ජල ප්‍රහාර Featured

21 ක් අත්අඩංගුවට

මරදාන දුම්රියපොළ අසලදී සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පා ගමන විසුරුවාහැරීම සඳහා පොලිසිය ඊයේ (09දා) සවස ජල ප්‍රහාරයක් එල්ල කළේය.

මෙම විරෝධතාවයේ නිරතවූ සිසුන් 12 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මරදාන පොලිසියට අසල සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණත් පොලිසිය විසින් ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම සිසුහු මරදාන පොලිසිය අසල සිට විරෝධතාවයේ නිරත වූහ.

සබරගමුව වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකක ගොඩනැඟිල්ල කඩිනමින් ආරම්භ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website