සෙනසුරාදා, 11 නොවැම්බර් 2023 09:54

අයිස් සමග අපරාධ අංශයේ ලොක්කා අල්ලයි Featured

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි බව කියන ත්‍රිකුණාමලය නිලාවේලි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා(10) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ලඟ අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 25ක් තිබී සොයා ගන්නා ලදැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website