ඉරිදා, 12 නොවැම්බර් 2023 09:37

ක්‍රිකට් තහනම ගැන ක්‍රීඩා ඇමැති සහ ක්‍රිකට් සභාපති කියන කතා Featured

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.ඔහු මෙසේ පැවසුවේ

අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද්වේෂ සහගතව තහනම් කළේ ඇයිදැයි එහිදී විමසන බවද ඔහු සඳහන් කළේය.මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ක්‍රිකට් ආයතනයේ අද පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම නිසා විශාල පාඩුවක් සිදු වන බවය.ICC මෙම තහනම ඉවත් නොකළහොත් ලබන වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 50ක අලාභයක් සිදුවන බව ද කීවේය.අපට හොරු කියන ක්‍රීඩා ඇමැති කණ්ණාඩිය ඉදිරියට ගියා නම් කවුද හොරා කියා දැනගත හැකි බව ද පැවසීය. තමා ICC වෙත කියා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් නොකළ බවත් එසේ කළ හැකි නම් තමා මාර පොරක් බවද ශම්මි සිල්වා මහතා සදහන් කළේය.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website