මේ සම්බන්ධව අභියාචනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ශික්ෂණලාභීන්, අයදුම් කිරීමට අදාල අ.පො.ස. උසස් පෙළ වර්ෂය, විෂය නිර්දේශය නව/පැරණි ද යන්න, උසස් පෙළ විභාග අංකය හා ප්‍රතිඵල (Z අගය ද සමඟ) , අභියාචනා කිරීමට හේතුව, අයදුම්කරුගේ නම, ලිපිනය හා දුරකථන අංකය, අයදුම්පතෙහි දෘඩ පිටපත (PDF) යන තොරතුරු ඇතුළත් කර, අධ්‍යාපන අධ්යක්ෂ (විද්‍යාපීඨ ශාඛාව), අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට 2023 පෙබරවාරි 28 ට පෙර යොමු කළ යුතුය.
මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය