සෙනසුරාදා, 18 පෙබරවාරි 2023 13:20

නාමයෝජනා සියල්ල අවලංගුයි… අපේක්‍ෂකයන්ට ඇප මුදල් ආපසු ගෙවයි.. Featured

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා සියල්ල අවලංගු වනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව ඉදිරියේදී අලුතින් නාමයෝජනා ලබා ගැනීමක් සිදු වනු ඇති බව ද සඳහන්ය.
මැතිවරණ කොමිෂන් සභාව පත්ව ඇති දැඩි මුල්‍ය අර්බුදය හමුවේ සහ කොමිසමේ සාමාජිකයන් අතර නිර්මාණය වී ඇති මත ගැටුම් මත අනිවාර්යෙන්ම පළාත්පාලන මැතිවරණය කල් යනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියි.

රජය විසින් සම්මත කර ඇති පලාත් පාලන පනතේ නව සංශෝධන මත පලාත් පාලන ආයතනවල නියෝජිතයන් ප්‍රමාණය 8000 සිට 4000 දක්වා අඩු කිරීමට සිදුවීම මත දැනට භාරගෙන ඇති නාම යෝජනා සියල්ල ඉබේම අහෝසි වන තත්ත්වයකට පත්ව ඇත.

නාමයෝජනා අහෝසි වුවද අපේක්ෂකයන්ගෙන් ලබාගත් ඇප මුදල් සියල්ල ආපසු ගෙවීමට සිදුවෙයි.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website