සදුදා, 04 දෙසැම්බර් 2023 05:18

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණය සදහා විශේෂඥ අදහස් විමසයි Featured

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණය සදහා විශේෂඥ අදහස් විමසයි

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයින්  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතර විශේෂ හමුවක් (02) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  පැවැත්විණි.

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණය සදහා ගත යුතු ක්‍රමවේදයන් පිළිබදව විශේෂඥ අදහස් ලබා  ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විය .

මෙහිදී බෝවන රෝග - බෝනොවන රෝග රෝග පාලනය, මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය, ප්‍රාථමික සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය, වැනි කරුණු පිළිබදව වැඩි අවධානයක් යොමු විය.

මෙරට ක්‍රියාත්මක වන  සෞඛ්‍ය සේවාව සංවර්ධිත රටවල් වල ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාවට සමාන වන බවත්, සෞඛ්‍ය දර්ශක ඉතා ඉහළ ප්‍රමිතියක පවතින බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විද්වතුන් මෙහිදී ප්‍රකාශ කරන ලදී.

තවද මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් තමන් ලද අත්දැකීම් හා දැණුම ඇසුරින් යෝජනා මාලාවක්  සකස් කර ලබා දීමට සංගමයක් වශයෙන් නොපැකිළිව කටයුතු කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියොජිතයින් මෙහිදී පැවසීය .

මෙම සාකච්ඡාමය අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, හිටපු සභාපතිවරුන් වන  විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, මහාචාර්ය ඉන්දික කරුනාතිලක  යන මහත්ම මහත්මීන් ඇතුලු නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website