අඟහරුවාදා, 05 දෙසැම්බර් 2023 07:58

පිටරටකදී අතැඟිලි ලෙහුණොත් ලංකාවටත් තීන්දුව වලංගුයි Featured

දික්කසාදය ගැන අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

විදේශ රටක අධිකරණයක් විසින් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ලබාදෙනු ලබන දික්කසාද නියෝග ශ්‍රී ලංකා බලධාරීන්ද පිළිගත යුතු බව කියාපාන ඓතිහාසික තීන්දුවක් අභියාචනාධිකරණය නිකුත් කළේය.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව විවාහ වී විදේශ ගතවූ පසු යම් ශ්‍රී ලාංකික පුරවැසියකු විදේශ රටකදී ලබාගන්නා ලද අධිකරණ නියෝග අනුව දික්කසාද වුවද එකී නියෝගය මෙතෙක් ශ්‍රී ලංකාව තුළ බලාත්මක නොවන බවට සැලකුවත් අභියාචනාධිකරණය ලබාදුන් එකී ඓතිහාසික තීන්දුව අනුව ඉදිරියේදී එය බලාත්මක වනු ඇත.

බි්‍රතාන්‍යයේ පුරවැසිභාවය හිමි එරට පදිංචි ශ්‍රී ලාංකිකයකු වන චම්පික හරේන්ද්‍ර සිල්වා මහතා විසින් ශ්‍රී ලංකාවේ රෙජිස්ටාර් ජනරාල්වරයා විසින් ලබාදුන් නියෝගයක් අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව 2010 දී විවාහ වී බි්‍රතාන්‍යයේ අධිකරණයක් මගින් ලබාගත් නියෝගයක් අනුව තමන් සිය බිරිඳගෙන් නීත්‍යානුකූලව දික්කසාද වූවත් එය පිළිගත නොහැකි බවට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා 2021 දී ලබාදී ඇති නියෝගය බලරහිත කරන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

බි්‍රතාන්‍ය අධිකරණයක් විසින් 2018 වසරේදී සිය විවාහය විසුරුවා හැරීමට නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව තමා 2019 වසරේදී තායිලන්තයේ බැංකොක් නගරයේදී වෙනත් විවාහයක් සිදුකරගත් බවද හෙතෙම සිය පෙත්සම මගින් පෙන්වාදී තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website