සෙනසුරාදා, 18 පෙබරවාරි 2023 17:43

රජයේ රෝහල්වලට ආයෝජකයන් සිවු දෙනෙකු එකඟ වෙයි.. Featured

ප්‍රතිකාර සඳහා පෞද්ගලික අංශය වෙත යොමුව ඇති ජනතාවගෙන් 30% ක පමණ පිරිසක් ඉදිරියේ දී එම ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතිවිය හැකි බැවින් ඒ සඳහා වන ඉලක්කගත වැඩපිළිවෙළක් කෙරෙහි මේ වන විටත් අවධානය යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ වන විටත් පෞද්ගලික ප්‍රතිකාර සඳහා යොමුව ඇති ඉහළ මධ්‍යම පාන්තිකයින් බොහෝ පිරිසක් පවතින තත්වයන් හමුවේ ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා යොමු වන බවත් මේ තුළ ඖෂධ ,වෛද්‍ය උපකරණ ඇතුළු රජයේ සෞඛ්‍ය සේවා සඳහා ඉහළ ඉල්ලුමක් ඇති ව තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි වන උපායමාර්ගික සැලැස්මක් වෙනුවෙන් වන විශේෂ හමුවකදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අමාත්‍ය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

පෞද්ගලික අංශයේ ප්‍රතිකාර සඳහා යොමුව සිටින පිරිස් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම ඉලක්ක කර ගනිමින් රජයේ රෝහල් පද්ධතිය තුළ වඩාත් ඉහල පහසුකම් වලින් සමන්විත ගෙවන වාට්ටු සාධාරණ මිලට ආරම්භ කිරීමට ඉලක්ක කරන බවත් විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් ද එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනටමත් ආයෝජකයින් සිව් දෙනෙකු ඒ සඳහා එකඟ වී ඇති බව ද ඒ වෙනුවෙන් ඇඳන් 100 ක් ඒ සඳහා එක් කිරීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා පැවැසීය.

මේ අතර රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළ යටතේ ආරම්භ කරන ඔයාමඩුව ඖෂධ කර්මාන්තපුරය හරහා 40% ක පමණ ඖෂධ අවශ්‍යතාවක් ආවරණය කරගැනීමට හැකි වෙනු ඇතැයිද එවැනි ආයෝජකයන් සඳහා තවදුරටත් රට තුළ අවකාශය සැකසීමට හැකි යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය .

– ADA

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website