සිකුරාදා, 08 දෙසැම්බර් 2023 08:36

කුරානයට අපහාස බෑ: නව නීති එයි Featured

ශුද්ධ වූ කුරානයේ පිටපත් ප්‍රසිද්ධියේ ගිනි තබමින්, ඉස්ලාම් දහමට නිගරු කිරීම වැළැක්වීමට, යුරෝපා රාජ්‍යයක් වන ඩෙන්මාර්කය, නව නීති හඳුන්වා දී තිබේ.

මීට මාස කීපයකට පෙර, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි කියමින්, ඩෙන්මාර්කයේ සුදු අන්තවාදී කණ්ඩායම්, ප්‍රසිද්ධියේ කුරානයේ පිටපත් ගිනි තබා විනාශ කළේ, එරට පොලිසිය ඊට ඉඩ දී බලා සිටිද්දීය.

ලොව මුස්ලිම් ප්‍රජාව, ඩෙන්මාර්කය සමඟ විරසකයක් ඇති කර ගැනීමට එම සිද්ධිය හේතු විය. ශුද්ධෝත්තම පාප්තුමන් ද පෙන්වා දී තිබුණේ, ඉස්ලාම් දහමට නිගරු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

නව නීති හඳුන්වා දීම සිදුවූයේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කෙටුම්පත, පැය 5 ක් තිස්සේ පැවැති වාද විවාදවලින් පසු වැඩි ඡන්දයෙන් සම්මත වීමෙනි. 94 දෙනකු පක්ෂව ඡන්දය පළ කළ අතර, විරෝධය දැක්වූයේ 77 කි.

ඩෙන්මාර්ක අධිකරණ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පැවැසුවේ, කුරාණයේ පිටපත් ගිනි තැබීමෙන් ඩෙන්මාර්කයේ ප්‍රතිරූපයට දැඩි ලෙස හානි සිදුවුණු බවත්, එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට, පාර්ලිමේන්තුවේ දී සම්මත වුණු නව පනත් කෙටුම්පතට අදාලව නීති සම්පාදනය කර ගැනීමට හැකි වනු ඇති බවය. මෙය ඓතිහාසික අවස්ථාවක් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

LD

 

 

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website