සෙනසුරාදා, 09 දෙසැම්බර් 2023 10:29

පොලිසියේ පිරිසකට උසස් වීම් සහ ස්ථාන මාරු Featured

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයකට අනුව පොලිස් නිලධාරීන්ට ලබා දී තිබෙන උසස් වීම් , නව තනතුරු සහ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන යු.පී ඒ ඩී කේ. පී කරුණානායක, ඩී.පී. චන්ද්‍රසිරි, ජී.අයි.ඩී.ආර්.විජේසිංහ, dvp අජිත් හේසිරි, aspc වෙදමුල්ල යන මහත්වරුන් උසස් වීම් සහ ස්ථාන මාරු සඳහා යොමු කර ඇත.

වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස එච්. සමුද්‍ර ජීව, එච් සී ඒ පුෂ්පකුමාර, wsp ද සිල්වා යන මහත්වරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසත් උසස් වීම් ලබා තිබේ.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ඩී.එම්.එම්.එ බී. මහගිරිඋල්ල, ආර්.ඒ.ඩී.කුමාරි, කේ .ජී.පී.බී. සමරපාල, ආර්. ජී.ඒ.බී.ගුණතිලක, පී ජී ජේ.එම්. ආරියසේන මහත්මිය, ආර්.එම්.පි එන්. රත්නායක, ආර්.ඒ.ඩී.ඊ එල්. රන්දෙනිය, එම්.ඩී.පී.දයාරත්න, ඩබ්.ඒ. සෝමරත්න, ඩී එම් එන්.සී.සෝමසිංහ යන මහත්ම මහත්මීහුද ද උසස්වීම් ලැබූහ.

(ගයාන් සූරිය ආරච්චි)

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website