සෙනසුරාදා, 09 දෙසැම්බර් 2023 10:56

ශ‍්‍රී ලංකා පිලට නව නායක අරවින්ද නම් කරයි.. Featured

මීළඟට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා යෝජනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ චරිත් අසලංකට තරගය කියවීමේ හැකියාවක් ඇති බවත් වගකීමක් සහිතව පිතිකරණයේ යෙදෙන බව පෙනී යන බවත්ය.

කෙසේ වෙතත් තමන් මෙය ක‍්‍රීඩා පිටියෙන් එපිට සිට දකින තත්ත්වය බවත් එසේ නැතිව තමන් ක්‍රීඩකයන් ළඟින් සමීපව ආශ්‍රය කර ඔවුන්ගේ නායකත්ව හැකියාවන් ගැන පුද්ගලිකව හඳුනාගෙන කරන යෝජනාවක් නොවන බවද ඔහු සඳහන් කරයි.

ගුවන් විදුලි නාලිකාවක් සමඟ සාකච්ඡාවකදී අරවින්දද සිල්වා මෙම අදහස් පළ කර ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website