සදුදා, 11 දෙසැම්බර් 2023 10:12

විදුලියට මෙච්චර මුදලක් වැය කරන රටේ විදුලිය බිඳ වැටෙන්නේ කොහොමද? Featured

සජිත් මැතිසබයේදී අසයි

විදුලියට මෙතරම් මුදලක් වැය කරන රටේ විදුලිය බිඳවැටෙන්නේ කොහොමදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

සෙනසුරාදා (09දා) මුළු දිවයිනටම විදුලිය බිඳවැටීම නිසා ජනජීවිතය අඩාළ විය. ඒ ඔස්සේ ජාතික ආර්ථිකය බිඳවැටීම, ජල සැපයුමේ බාධා, රෝගීන්ට ජීවිතය හා මරණය අතර සටනක නිරත වෙන්නට සිදුවීම වැනි දැවැන්ත අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවීමට විදුලිය වෙනුවෙන් මෙතරම් මුදල් වැය කරන රටක හේතුව කුමක්ද යන්න දැනගැනීමට පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රශස්ත විදුලි පද්ධතියක් මේ රටට අවශ්‍ය බවත්, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පෞද්ගලික අංශවලට පැවරීම මගින් අනාගතයේ රටට ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔහු තවදුරටත් අවධාරණය කළේය.

එමෙන්ම සෙනසුරාදා එක් සම්ප්‍රේෂණ මාර්ගයක් බිඳවැටීම ඔස්සේ රටටම විදුලිය බිඳවැටීම සිදුවූයේ කෙසේද යන්න සොයා ගැනීමට අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බවත්, මේ විදුලිය බිඳවැටීම ඔස්සේ එදින රටට සිදුවූ පාඩුව පිළිබඳ ගුණාත්මක පරිශීලනයක් සහ සංඛ්‍යාත්මක පරිශීලනයක් ඔස්සේ නැවත මෙවැනි අවස්ථාවක් සිදුවීමට නොතබන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

DN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website