අඟහරුවාදා, 12 දෙසැම්බර් 2023 09:57

රවී කටු පොල් තහනම ඉවත් කර දෙන්න සැරසෙයි Featured

තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ කටු පොල් තහනමට ලක් විය.

කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව කරුණානායක මහතා මේ බව කීය.

කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම සහ බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

කටු පොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බව කටුපොල් වගා කරුවෝ පැවැසූහ.

කටු පොල් අක්කරයකින් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක් උපයා ගත හැකි බවද ගොවීහු අමාත්‍යවරයා කීහ.

මෙහිදී රවී කරුණානායක මහතා එම ගොවීන්ට පැවැසූයේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර පවතින තහනම ලබන ජනවාරි මාසය වන විට ඉවත් කිරීම සඳහා කටයුතු සලසා දෙන බවයි.

(අංජුල මහික වීරරත්න)

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website