බ්‍රහස්පතින්දා, 14 දෙසැම්බර් 2023 09:51

තරංගාකාර වායුගෝලීය කැලඹීම වැස්ස වැඩි කරයි Featured

තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් ඉදිරි දින කීපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් තාවකාලිකව වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, මාතලේ,පොලොන්නරුව හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

යාපනය, වවුනියාව, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුර දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක් ඇති වේ.

සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු තද වැසි ඇති විය හැකිය.

නැගෙනහිර,ඌව,බස්නාහිර සබරගමුව පළාත්වලත් නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

LD

 

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website