ඉරිදා, 17 දෙසැම්බර් 2023 11:47

මැති ඇමැති 25ක් සජබට Featured

ඇමැතිවරුන් ද ඇතුළුව ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25දෙනකු ඉදිරියේ දී සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය.

එම ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ අය බවත් සේනසිංහ මහතා කීය.

එම මන්ත්‍රීවරුන් ඉදිරියේ දී ඒකාබද්ධ විපක්‍ෂයක් ලෙසත් දේශපාලන සන්ධානයක් ලෙසත් කටයුතු කිරීමට සාකච්ඡා කර ඇති බවත් පැවසූ හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටිය් එම නව සන්ධානයේ අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ද සාකච්ඡා කර ඇති බවයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website