අඟහරුවාදා, 19 දෙසැම්බර් 2023 10:43

මුලතිව් අවතැන් පිරිස් පාසල් අටකට Featured

මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 08 ක අද (19) අධ්‍යාපන කටයුතු සිදු නොවන බව මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.

මුලතිව් දිස්ත්‍රීක්කයට බලපා ඇති අධික වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත් ජනතාව රජයේ පාසල්හි තාවකාලිකව රැඳී සිටීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට අයත් පාසල් 08 ක අධ්‍යාපන කටයුතු අද දින නොපැවත්වෙන අතර අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පිහිටි පාසල්ව 08 පවුල් 341 කට අයත් පුද්ගලයින් 1039 දෙනෙකු තාවකාලිකව අද දින රැඳී සිටින බවටද ආපදාකලමනාකරන නිලධාරීන් පෙන්වා දෙයි.

ඒ් අනු අදාල ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශයන් දෙකේ පිහිටි මණ්නංකණ්ඩාල් පාසල, ඉරුත්තුමඩු පාසල, නෙතලියා ප්‍රාතමික විදුහල, කරුවෙලන්කණ්ඩාල් පාසල, කූලා මුරිප්පු පාසල, මුත්තියන්කට්ටු දකුණ පාසල, පේරාරු දෙමළ පාසල, බණ්ඩාරවන්නියන් පාසල්වල අධ්‍යාපන කටයුතු මෙලෙස අද දිනයේදී නොපැවත්වෙයි.

(රොමේෂ් මධුෂංඛ)

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website