අඟහරුවාදා, 19 දෙසැම්බර් 2023 10:45

දිස්ත්‍රික් 11 කට නාය යාමේ නිවේදන නිකුත් කරයි Featured

දිවයින පුරා තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19 ) පස්වරුව දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ඇල්ල සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ .

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕකේවෙල, වලස්මුල්ල, කටුවන, සහ බෙලිඅත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ අගලවත්ත සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මටට්මේ නිවේදනයද පාලින්දනුවර සහ ඉංගිිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩදුම්බර, පාතදුම්බර, උඩපළාත, සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා පළමු මට්ටමේ නිවේදනයද,යටිනුවර තුම්පනේ සහ පස්බාගේ කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, පොල්ගහවෙල, සහ මාවතගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, නාවුල, ලග්ගල පල්ලේගම, සහ අඹන්ගඟ කෝරළය යන ප්‍රාදේහිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද අතුරලිය සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙනව මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඇලපාත, ඇහැලියගොඩ, කොලොන්න,වැලිගෙපොළ, කුරුවිට, ගොඩකවෙල, සහ කහවත්ත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද කිරිඇල්ල කහවත්ත, නිවිතිගල, බලංගොඩ, සහ ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

(මොහොමඩ් ආසික්)

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website