බදාදා, 20 දෙසැම්බර් 2023 20:46

යාල අභය භූමිය හදිසියේ වසා දමයි Featured

යාල අභයභූමිය හෙට සිට සතියක කාලයක් සදහා වසා දමන බව ජීප්රථ සංගමයට දන්වා ඇති බව වාර්තා  වෙයි.

මෙම නිවේදනය නිල වශයෙන් මේ වනතුරැත් නිකුත් කර නොමැති නිසා
සංචාරක නියෝජිතයන්, හෝටල් හිමියන් සහ ජීප් රථ ධාවකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.
මේ වනවිටත් යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා දහස් ගණනක් සංචාරකයන් යාල අවට ලැගුම් ගෙන සිටී.
පැවැති දැඩි වර්ෂාව නිසා අභ්‍යන්තර පාරවල් පිළිසකර කිරීම සඳහා මෙලෙස වන උද්ධ්‍යාණය වසා දැමීමට කටයුතු කර ඇත.
අවම වශයෙන් සතියක  කාලයකට පමණ පෙර හෝ යාල වනෝද්‍යානය වසා දමන බව නිවේදනය කළේ නම් යාල වනෝද්‍යානය නැඹීමට බලා සිටින  සංචාරකයින් මෙලෙස අපහසුතාවයට පත්වන්නේ නැත. 

Lankainformation.lk 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website