බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:39

උසාවි නියෝග නැතිව දේපළ වෙන්දේසි එපා – පරාටේ නීතියට සජිත්ගෙන් බකට් එකක් Featured

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපළ, ව්‍යාපාර සහ සම්පත් අධිකරණයේ මැදිහත් වීමකින් තොරව පරාටේ නීතිය හරහා ක්ෂණික වෙන්දේසියකට ලක් කිරීම වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

මෑතකදී ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග මේ පරාටේ නීතියේ පරාසය 3 වැනි පරාසයක් දක්වා පුළුල් වී ඇති බවත් මේ තත්ත්වය තුළ අන්ත අසරණ භාවයට, ආර්ථික සමාජීය පරිහානියකට කර්මාන්ත ක්ෂේත්‍රය පත්ව ඇති බවත් ඒ නිසා දේපළ වෙන්දේසිය ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පරාටේ නීතියෙන් අගතියට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඊයේ (20) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එබැවින් රජය මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දළ දේශීය නිෂ්පාදිතයට සියයට 50කට වැඩි දායකත්වයක් ලබා දෙන බවත් මේ කර්මාන්ත කඩා වැටුණහොත් ආර්ථිකය වර්ධනය වෙනවා නොව සංකෝචනයක් සිදු වන බවත් ඒ නිසා උද්ධමනය ඉහළ යෑම, විරැකියාව ඉහළ යෑම, බුද්ධි ගලනය ඉහළ යෑම මෙන්ම රජයේ බදු ආදායම ඉහළ යෑමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය මැදිහත් වී බැංකු පද්ධතියේ ස්ථායිකරණයට සෘණාත්මක බලපෑමක් සිදු නොවන ආකාරයට මේ ගැන මැදිහත් වී බැංකු ස්ථායිකරණයට වෙනම ම අරමුදලක් ඇති කිරීම සහ පරාටේ නිතිය තාවකාලිකව ක්‍රියාත්මක වීම අත්හිටුවීමට මැදිහත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එසේ ම මෙවැනි අරමුදලක් ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහයෝගය ලබා ගත යුතු බවත් එම ආයතනවලට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද රජයට හිතවත් ගජමිතුරු ව්‍යාපාරිකයන් රාජ්‍ය බැංකුවලින් කෝටි ප්‍රකෝටි ගණනින් ණය ගෙන පසුව එම ණය පැහැර හැරීමත් සමග එම ණය ගිවිසුම් ඔවුන්ට වාසිදායක ලෙස සංශෝධනය කර ඇති බවත් එවන් ණය ගත් පුද්ගලයන්ට එක සැලකිල්ලකුත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වෙනමම සැලකිල්ලකුත් දැක්වීම ගැන කනගාටුවට පත්වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

DN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website