බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:42

යුක්තිය මෙහෙයුමෙන් තවත් පිරිසක් අත්අඩංගුවට Featured

පොලිසිය විසින් දිවයින පුරා ආරම්භ කර ඇති මත් ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සම්බන්ධව සිදු කරන යුක්තිය විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,008 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිසෙන් 185 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර සැකකරුවන් 33දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.තවත් 209 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බව පොලීසිය පැවසුවේය.එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 228 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇත.අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක්, අයිස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 200ක්, ගංජා කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 200ක්, මාවා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 200ක් සහ මත්පෙති 17,054 ක් ද සොයා ගෙන තිබේ.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website