සිකුරාදා, 22 දෙසැම්බර් 2023 10:25

රට පුරා යලි කොරෝනා පැතිරේ.. මුව ආවරණ පලදින්නැයි දන්වයි.. Featured

මේ දිනවල රට පුරා පැතිර යන උණ,සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස රෝගයන්ට “ජේ.එන්1” කොරෝනා උප ප්‍රබේදයේ බලපෑමක් තිබිය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

ඒ බව සනාථ කර ගැනීම සදහා නියැදි පරීක්ෂාව අවශ්‍ය බව පැවසීය.

උගුරේ අපහසුතා ,සෙම්ප්‍රතිශ්‍යාව ,තෙහෙට්ටුව ,මාංශ පේෂි වේදනාව ,උණ,හිසරදය සහ කැස්ස මෙහි රෝගලක්ෂණ වෙයි.

මෙවැනි රෝග ලක්ෂණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව වැඩිදුරටත් පැවසීය.

මුව ආවරණ පැලදීම ඇතුළු කොරෝනා මාර්ගෝපදේශවලට අනුගත වීම වඩාත් සුදුසු යයිද ඒ මහතා කියා සිටියේය.

– තවලම නිපුනි හසරංගී

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website