කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රයක් සහ හෘද කැතීටකරණ ඒකකය බිද වැටී තිබේ.
මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකය සහ DSA යන්ත්‍රයක් මෙන්ම වකුගඩු වල ගල් කුඩුකරන යන්ත්‍රයක් බිද වැටී තිබේ.
මේ අතර හම්බන්තොට සහ කළුතර මහ රෝහල් වල සීටී ස්කෑන් යන්ත්‍ර තවමත් අක්‍රීය මට්ටමේ පවතින බව පැවසීය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ XRAY යන්ත්‍රය ද මාස 06ක සිට අක්‍රියව පවතින බව පැවසීය.
ඒ හේතුවෙන් රෝගී ජනතාව සහ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය දැඩි පීඩාවට පත්ව ඇතිබව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත