සෙනසුරාදා, 23 දෙසැම්බර් 2023 09:24

සාක්ෂි ලැබුණොත් කෙහෙළිය අත්අඩංගුවට – ඇමැති ටිරාන් අලස් කියයි Featured

ප්‍රමිතියෙන් බාල ඖෂධ සම්බන්ධයෙන් නිශ්චිත ලෙස සාක්ෂි ලැබුණහොත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගනු ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

“සී.අයි.ඩී. එකෙන් පරීක්ෂණ කරලා ඇමැතිතුමා වැරදියි කියලා ඒගොල්ලන්ට ඇති වෙන්න සාක්කි තිබුණොත් ඒගොල්ලන් ඇමැතිතුමාවත් අත්අඩංගුවට ගනීවි. හැබැයි සාක්ෂි තියෙන්න ඕනෑ. මාධ්‍යයෙන්වත්, දේශපාලන පක්ෂවලින්වත් කෑගැහුවට ඇමැතිතුමාව ගන්න ඕන, ඇමැතිතුමාව ගන්න ඕන කියලා ඒක වෙන්නෙ නෑ. දැන් ඔය ප්‍රශ්නයට යම්කිසි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ මම දැක්කා මීඩියාවලත් හරියට යනවා ලේකම්තුමාවත් ගන්න ඕනෑ කියලා. නමුත් ලේකම්තුමාව අත්අඩංගුවට ගත්තෙ නෑ. සී.අයි.ඩී. එක හරියටම එගොල්ලන්ට සාක්ෂි ලැබිලා එගොල්ලන්ට සැක කරන්න පුළුවන් හරි සාක්ෂි තිබුණ හින්දා තමයි ඊට පස්සෙ අත්අඩංගුවට ගත්තේ.

ඒ වගේම සාක්ෂි ලැබුණොත් ඇමැතිතුමාවත් අත්අඩංගුවට ගනීවි. ඒක වෙනසක් වෙන්නේ නෑ” යැයි ද හෙතෙම පැවසීය.

අකිත පෙරේරා

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website